Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට විරුද්ධවීමට අපහසු බව නිදහස් පක්ෂ භාණ්ඩාගාරික කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂයක් ලෙස විරුද්ධවීමට අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළා.