Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගය කතානායකවරයාට භාරදෙයි (ඡායාරූප)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කථානායක කරූ ජයසූරිය වෙත භාරදී තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී අදාළ යෝජනාව භාරදුන් බවයි හිරු පාර්ලිමේන් වාර්තාකරු කියා සිටියේ.
මන්ත්‍රීවරුන් 55 දෙනෙකු ඊට අත්සන් කර ඇති අතර, ඉන් 51 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනවා.
නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් වන රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචි නිලමේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්ථාන්ද ඊට අත්සන් තබා ඇති බව සඳහන්.