Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් ගැනීම තවදුරටත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සදහා තවදුරටත් අත්සන් ලබා ගැනීම ඉදිරි පාර්ලිමේන්තු සතියේදී සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
මේ වනවිට මන්ත්‍රීවරුන් 40 කට වැඩි පිරිසක් ඊට අත්සන් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
විශ්වාසභංග යෝජනාව කරුණු 14 කින් සමන්විත වන අතර, ඉන් කරුණු 12 ක්ම සම්බන්ධ වන්නේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළවයි.
විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශයට තවදුරටත් පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ එළඹෙන පාර්ලිමේන්තු සතියේදී ඊට ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම අනෙකුත් මන්ත්‍රීවරුන්ද ඊට සහය පළ කරනු ඇති බවයි.