Gossips

අගමැතිට එරෙහි විශ්වාසභංගයකට සහය දෙන්න ජවිපෙ සූදානම්

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංගයකට සහය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසනවා.
බී බී සී සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ.
බිමල් රත්නායක
– රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ සතුරු පක්ෂය දුර්වල කරන්න දෙකට බෙදා තබාගැනීමේ අවශ්‍යතාවයට රාජපක්ෂ පවුලට අදාළ කරන නඩු කටයුතු සීමා කළා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින රාජපක්ෂ මැතිතුමාගේ කාලයේදී දූෂණ වංචාවල නිරත වෙච්ච ඇමතිවරුන්ගේ නඩු සෘජුව ජනාධිපති මැදිහත්වීමෙන් වැළැක්වුණා කියන එක තමයි අපි දන්නේ. ඒ නිසා නැවත ජනාධිපතිවරණයට යද්දී ජනාධිපතිවරයා පොරොන්දු කඩලා තමයි එතනට යන්න වෙන්නේ. ඒ නිසා ඔහුට ඕනෑකම තිබුණා මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ වෙනත් ප්‍රබල පුද්ගලයෙක් සිටිනවා නම් ඔහුගේ සහයෝගය තමන්ට ලබාගැනීම මගින් රාජපක්ෂ මහතා සමග තිබෙන ඡන්දත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු කිරීමක් කරන්න. සෘජුවම ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහතා හවුල්කරගත්තු ජනාධිපතිවරණයක් පිළිබඳව ජනාධිපතිවරයාගේ පැත්තෙන් සැලැස්මක් තිබුණා කියන එක පිළිබඳව අපිට පැහැදිලි තර්කයක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සැලසුම් අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වගේ කෙනෙකුට අගමැති ධුරයක් වගේ දෙයක් ලබාදෙමින් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඔහු ඉදිරිපත් වීම.
ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වුණොත් ඔබ ඒකට සහය දෙනවාද?
පිළිතුර – අපි අනිවාර්යයෙන්, අපි පක්ෂව ඡන්දය ලබා දෙනවා.
ප්‍රශ්නය – ඒ කියන්නේ ආණ්ඩුව පරදිනවානේ ඒ අවස්ථාවේ. ඊට පස්සේ ඔබේ විසඳුම මොකක්ද ? ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකට සහය දෙනවාද?
පිළිතුර – අපි කාටවත් සහයෝගය ලබාදෙන්නේ නැහැ. ඊට පස්සේ මොකක්ද වෙන්නේ. ඊට පස්සේ කවුද ආණ්ඩුව හදාගන්නේ කියන එක ඒක වෙන අයගේ ප්‍රශ්නයක්. ප්‍රාදේශීය සභාවලත් අද ඒකනේ තත්ත්වය. ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයක් තියෙනවා අපේ මැදිහත්වීම මත අපිට තීන්දු කරන්න පුළුවන් කවුද එන්නේ කියලා. නමුත් අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයෙන් එන කණ්ඩායමත් ශ්‍රී ලංකා එකෙන් සහ මහින්ද රාජපක්ෂ මහතාගෙන් එන කණ්ඩායමත් එන්නේ හොරකම් කරන්න. ජනතා සේවයට නෙමෙයි. ඒ නිසා අපි ස්වාධීන විපක්ෂයේ කණ්ඩායමක් වශයෙන් රැදී සිටිනවා.
rn