Gossips

අගමැතිට එරෙහිව පුත්තලමෙන් දේව කන්නලව්වක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව එළඹෙන මාර්තු 02 වන දා දේව කන්නලව්වක නිරත වන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් පවසනවා.
එක්සත් ජාතික පක්ෂ ආනමඩුව හිටපු ආසන සංවිධායක රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට සිදුවන කෙනෙහිලිකම්වලට විරෝධය පා, එලෙස දේව කන්නලව්වක නිරත වන බවයි ඔවුන් සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ඊයේ පුත්තලම ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ ඉදිරියේදී අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ගෙන ඒමට කටයුතු කරන බවයි.