Gossips

අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කෙරෙන පාගමන මාවනැල්ලට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් විය යුතු බවට බල කරමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ පාගමන අද (31) මාවනැල්ලෙන් අවසන් වුණා.
එය පෙරවරුවේ මහනුවර ගැටඹේ විහාරස්ථානය අසලින් ආරම්භ වුයේ එම පක්ෂයේ මහලේකම් මෛත්‍රී ගුණරත්නගේ ප්‍රධානත්වයෙන්.
අනතුරුව පේරාදෙණිය – පිළිමතලාව හරහා මාවනැල්ලට ළගා වූ පාගමන මාවනැල්ලෙන් අවසන් වූ අතර, එය හෙට නැවතත් කොළඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
පාගමන අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටියේ සියලූදෙනාම පක්ෂ භේදයකින් තොරව මෙම පාගමනට එක්විය යුතු බවයි.
මේ අතර, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසනවා.
ඒ අනුව, ලබන 3 වනදා හෝ ඊට ආසන්න දිනකදී එම සාකච්ඡාවලට එළඹෙන බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ විපක්ෂ නායකවරයා නියෝජනය වන දෙමළ ජාතික සන්ධානය සැබෑ විපක්ෂයක කාර්යභාරය මෙම තීරණාත්මක අවස්ථාවේදී ඉටු කරනු ඇති බවයි.