Gossips

අගමැතිගේ සහ මන්ත්‍රී විමල්ගේ ප්‍රතිචාරය ගැන මැදගොඩ අභයතිස්ස හිමියන් කනස්සල්ලෙන්

අචාර්ය පුජය ඕමල්පේ සෝභිත හිමියන් පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්දයෙන් අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා ප්‍රතිචාර දැක්වු අකාරය අනුමත කළ නොහැකි බව මහචාර්ය පුජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියන් පවසනවා.
ගාල්ල පින්නදුව විජයරාම විහාරයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
මල්වතු පාර්ශවයේ ගාලු කඩවත් සතර ඇතුළු තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝ නායක ධුරයේ පිදුම් ලැබු පුජ්‍ය උඩලමත්තේ සුමන හිමියන්ට සන්නස් පත්‍රය පිරිනැමිමේ උත්සවය ඊයේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.