Gossips

අගමැතිගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල ගොනු කර තිබූ පෙත්සම විභාග කෙරෙන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත්වී තිබෙනවා.
ඒ, පෞද්ගලික හේතුවක් මත බව සඳහන් කරමින්. එම අභියාචනාධිකරණ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ විනිසුරුවරිය ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් පෙත්සම හෙට දක්වා කල් තැබුණා.
පෞද්ගලික ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
ඒ හරහා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බැවින්, අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ලබා දෙන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.