Gossips

අගමැතිගේ ආර්ථික සභාව යළි රැස්වී ඇතැයි ඒකාබද්ධයෙන් චෝදනා

ආර්ථිකය වනසන ක්‍රියාවලිය ජනාධිපතිවරයාට නතර කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බන්දුල ගුණවර්ධන
ඇමතිවරයා ගන්න තීන්දුව ලේකම්වරයා දන්නේ නෑ.ලේකම්වරයා කොච්චර දවසක් ඉන්නවද කියලා ලේකම්වරයාට අදහසක් නෑ.රාජ්‍ය යන්ත්‍රණය මුළුමනින්ම අකර්මන්‍ය වෙලා තිබෙනවා.මේ ආණ්ඩුවට තවදුරටත් ගමන් කරන්න බැහැ.ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයකින් නව අගමැතිවරයෙක් නව කැබිනට් මණ්ඩලයක් ජාතික වැඩසටහනක් දිනවීම සදහා මැදිහත් විය යුතුයි කියන එක තමයි අපේ විශ්වාසයයි.මේ කිසි දෙයක් සිද්ධ නොවුණේ පසුගිය වර්ෂ 3නේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කමිටුවක් මේ තීරණ ගන්න නිසයි කියලා.ඒ නිසා ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙන බව ආරංචියි.ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්න.ඒ කැබිනට් පත්‍රිකාව කල් දාලා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේත් මේ ආර්ථික කළමනාකරණ කමිටුව රැස්වුණ බව තමයි අපිට වාර්තා වෙලා තිබෙන්නේ.ඒ අනුව ආර්ථිකය සම්පුර්ණයෙන් වනසන ක්‍රියාවලිය ජනාධිපතිතුමාටත් නතර කර ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙන බව තමයි පැහැදිලි වෙන්නේ.