Gossips

අඛණ්ඩව සභා වාර වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් තීරණයක්

කතානායක කරූ ජයසූරිය එම ධුරයේ කටයුතු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
බැදුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් නිකුත් කළ පසු එම වංචාවේ සැබෑ සොරුන් හෙලිදරව් වනු ඇති බව ද ඔහු කියා සිටියා.