Gossips

අකුරැස්ස – කෝන්ගහ කනත්ත ප්‍රදේශයේ ජනතාවට කිඹුල් බියක්

සිය දෛනික අවශ්‍යතා සඳහා භාවිත කරන දිගන බෙන ජලාශයේ කිඹුලන් ගැවසීම හේතුවෙන් තමන් අපහසුතා රැසකට මුහුණ දී ඇති බව අකුරැස්ස – පානදුගම – කෝන්ගහ කනත්ත ප්‍රදේශයේ ජනතාව පවසනවා.
වසර ගණනාවක සිට මෙම කිඹුල් තර්ජනය පවතින බවත්, මේ වනවිට අඩි 10 කට වඩා දිගින් යුතු කිඹුලන් දෙදෙනෙකු ජලාශය ආශ්‍රිතව ගැවසෙන බවත් ප්‍රදේශවාසීන් කියා සිටියා.