Gossips

අකුරැස්සේ සහ මහනුවර වෙළඳසැල් දෙකකට ගින්නෙන් හානි

අකුරැස්ස නගරයේ පිහිටි කුරුඳු අලෙවිසැළක අද (02) අලුයම හටගත් ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසීන් සමඟ එක්ව මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බවයි.
ගින්නෙන් වෙළඳසැලට විශාල අලාභහානියක් සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
මහනුවර නගරයේ පිහිටි ඖෂධ අලෙවිසැළකද ඊයේ (01) රාත්‍රියේ ගින්නක් හටගත් අතර, ඉන් එම වෙළඳසැලට දැඩි හානි සිදුවුණා.