අකුරැස්ස – බෝධිරාජ විහාරස්ථානය ආසන්නයේදී ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ව්‍යාපාරිකයෙකු ගමන් ගත් මෝටර් රථයකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
38 හැවිරිදි මෙම ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් ගාල්ල දෙස සිට අකුරැස්සට ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.
වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරිකයාට හානියක් සිදුව නොමැති අතර, මෝටර් රථයට සුළු අලාභහානි සිදුව තිබෙනවා.
