Gossips

අකුරල මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට

අම්බලන්ගොඩ – අකුරල මුහුදු තීරයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ දිය නාමින් සිටි පිරිසක් අතරින් දෙදෙනෙකු ඊයේ දියේ ගසාගෙන ගොස් ඇති බවයි.
පසුව අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් දෙදෙනා බේරාගෙන බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදීයි ඔවුන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 17 සහ 66 වයස්වල පසුවන කහව සහ කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.