Gossips

අකුණු සැර වැදීමකින් වතුකම්කරුවන් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප)

හැටන් – දික්ඔය දරවල වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් දෙදෙනෙකු අකුණු සැර වැදීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද දහවල් ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තුවාල ලැබූ වතු කම්කරුවන් දෙදෙනා ඇතුලත් කර ඇත්තේ දික්ඔය රෝහලටයි.
එසේම අධික වැසි හේතුවෙන් හැටන් නගරයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.



ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ