Gossips

අකුණු කම්පනයකින් වතු කම්කරු කාන්තාවන් 5 දෙනෙකු රෝහලේ

අකුණුසැර නිසා කම්පනයට පත් වතුකම්කරු කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අද පස්වරුවේ ඇදහැලූණු අධික වර්ෂාවත් සමග බගවන්තලාව – මොරා වතුයායේ විදුලි රැහැනක් මතට අකුණු සැර පතිත වී ඇති අතර, එහිදී ඇති වූ කම්පනයෙන් එම කාන්තාවන් රෝහල් ගත කර ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළා.