Gossips

අකුණුසැර වැදී යාපනයේ තුන්දෙනෙකු මරුට – අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, යාපනය – චුන්නාක්කම් – කුප්පිලාන් ප්‍රදේශයේදී අකුණුසැර වැදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
පොලීසිය සදහන් කළේ දුම්කොළ වගා භූමියක රැදී සිටියදී අද පස්වරුවේ ඔවුන්ට අකුණුසැර වැදී ඇති බවයි.
පසුව ඔවුන් තුන්දෙනා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මියගිය කාන්තාවන් දෙදෙනා 38 සහ 58 හැවිරිදි වියේ පසුවන අතර, පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 49 ක්.
මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ඉදිරි දින කිහිපයේදීත් වැසිත් සමග අකුණු සහ සුළං අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.