යාපනය – චුන්නාක්කම් – කුප්පිලාන් ප්‍රදේශයේදී අකුණුසැර වැදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තුන්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එළවළු කොරටුවක වැඩකරමින් සිටි අවස්ථාවේදී අද (16) පස්වරුවේ මෙම අකුණුසැර වැදීම සිදුව ඇති බවයි.
ඔවුන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
