Gossips

අකුණුසැර වැදීමෙන් දෙදෙනෙක් මරුට

පවතින දැඩි වර්ෂාපතනයත් සමග අකුණුසැර වැදීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඊයේ සවස 5 ට පමණ වැලිකන්ද එෆ් 5 ඇල ප්‍රදේශයේ වෙල් යායක සිටි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ වැලිකන්ද මගුල්පොකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 33 සහ 17 වයස්වල පසුවන දෙදෙනෙක්.
මෘත ශරීර වැලිකන්ද රෝහලේ තැන්පත් කර තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.