Gossips

අකුණක් වැදීමෙන් හටගත් ගින්නක් නිවා දැමේ

මීපේ නගරයේ පිහිටි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ තොරතුරු හා තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ලේ හටගත් ගින්නක් මැඩපවත්වා තිබෙනවා.
ඊයේ සවස 3.50 ට පමණ පැවති වර්ෂාවත් සමග අකුණු සැර වැදීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න නිවා දැමූ බව පොලිසිය සඳහන් කළා.
ජීවිත හානි හෝ තුවාල සිදුවී නොමැති අතර ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.
පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.