ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු, අධ්‍යාපන, විදුහල්පති හා ගුරු සේවාවන්හි නිරත නිලධාරීන්ට, දේශපාලන පළිගැනීම් පදනම් කරගනිමින් පත්වීම් හා උසස්වීම් ලබාදීම පිළිබඳ යලි සාකච්ජා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අදාල පත්වීම් ලබාදීමට විරෝධය පලකරමින් පසුගිය 26 වනදින අධ්‍යාපන පරිපාලන සහ ගුරු – විදුහල්පතිවරුන් වර්ජනයක නිරත වීමට තීරණය කළා.
පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාල පත්වීම් තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ අදාල වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.
අදාළ පත්වීම් ලබාදෙන පුද්ගලයින්ගේ පෞද්ගලික ලිපි ගොනු යළි විමර්ශනය කර නිර්දේශ ලබාදීම සඳහා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීරණය කරනු ලැබුවා.
එහි නිර්දේ්ශ වැඩිදුර අනුමැතිය ලබාගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරිමටද නිර්දේශ කර තිබෙනවා.
