Gossips

අකිල ධනංජය ඕස්ට්‍රේලියාවට

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතයි.
බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී එළඹෙන 23 වනදා අකිල ධනංජය පරීක්ෂණයකට මුහුණදීමට නියමිතයි.
එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට ජාත්‍යන්තර ක්‍ර‍්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළා.
චෝදනාවට ලක්වූ ක්‍රීඩකයෙකු දින 14 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් පරික්ෂණයකට භාජනය විය යුතු අතර ඒ අනුවයි අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන්නේ.