Gossips

අකිල ධනංජය ඕස්ට්‍රේලියාවේදී අද පරීක්ෂණයකට

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත පැමිණිලි කළ ශ්‍රී ලංකා පිලේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද ඕස්ට්‍රේලියාවේදී පරීක්ෂණයකට ලක් කෙරෙනවා.
එවැනි චෝදනාවක් එල්ල වූ විට සති දෙකක් ඇතුළත පරීක්ෂණයකට ලක් කිරීම අවශ්‍යතාවක්.
අකිල ධනංජය වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට දග පන්දු යවන්නෙකු වන නිශාන් පිරීස් එක් කර තිබෙනවා.