Gossips

අකිල ධනංජයගේ ඉරියව් වෙනස් කිරීම අනිද්දා සිට

ශ්‍රී ලංකා පිළේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමේ පුහුණුවීම් අනිද්දා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ ප්‍රකාශ කළා.
ධනංජයගේ පන්දුව එල්ල කිරීමේ කෝණය දැනට පවතින රෙගුලාසි යටතේ අවසර හිමි වන අංශක 15ක ආනතිය ඉක්මවා යන බවට තහවුරු වී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඊයේ නිවේදනය කළේ.
ඒ අනුව, ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ සදහන් කළේ ඉරියව්ව නිවැරදි කර ගන්නාතුරු අකිල ධනංජයට සති 3 ක කාලයක් ක්‍රීඩා සමාජ තරගවලට ද ක්‍රීඩා කිරීම අත්හිටුවන බවයි.
අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්වේ නිවැරදි විය යුතු ස්ථානය මේ වනවිටත් හදුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන දග පන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.