කොස්ලන්ද, මැදගොඩ ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු ඊයේ (12) රාත්‍රියේ ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ වයස අවුරුදු දාහතක පාසල් සිසුවෙක් සිය නිවස ඉදිරිපිට ඇති අඹ ගසක අත්තක ගෙළ වැලලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.
මෙම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිට ඇති අතර මෙලෙස සියදිවි ගනිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මළ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (13) දින සිදුකිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කොස්ලන්ද පොලිසිය සිදුකරනු ලබනවා.
