Gossips

අක්‍රිය වූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ක්‍රියාත්මකයි – විදුලි සැපයුම අඛණ්ඩව

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක හටගත් තාක්ෂනික දෝෂය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ අද සිට විදුලි සැපයුම ලබාදිය හැකි බවයි.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පෙරේදා පෙරවරු 11 ට පමණ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වූ අතර, ඒ හේතුවෙන් ඊයේ දිනයේත් කොළඹ ඇතුලු ප්‍රදේශ රැසක විටින් විට විදුලිය ඇණහිටීම් වාර්තා වුණා.rn