අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අක්‍රියව පැවති බදු අභියාචනා කොමිෂන් සභාවට සාමාජිකයින් පත් කර තිබෙනවා.
විශ්‍රාමික විනිසුරු හෙක්ටර් යාපා එහි සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර, හිටපු විනිසුරුවරයෙකු වන සුනිල් රාජපක්ෂ සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්.ස්වර්ණජෝති එහි සෙසු සාමාජිකයින්.
මේ අනුව, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ බදු ගෙවන්නෙකුට ඇති වන ආරවුල් මෙම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර විසදුම් ලබා ගත හැකිවනු ඇති.
