Gossips

අක්මීමන අනතුරකින් තරුණයෙකු මරුට

අක්මීමන – පින්නදූව – පිලාන මාර්ගයේ උඩුමුල්ලවත්ත ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පින්නදූව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටී ඊයේ (01) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 21 හැවිරිදි ඔහු ගාල්ල අක්මීමන ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.