ගාල්ල – අක්මීමන ප්‍රදේශයේදී සිය මව සහ පියා ඝාතනය කළ පුත්‍රයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අක්මීමන – බටව – විජයානන්ද මාර්ගයේ පිහිටි නිවසේදී සැකකාර පුත්‍රයා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඝාතනය සිදුකළේ කෙසේද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
ඝාතනයට ලක්වූ 56 හැවිරිදි මවගේ සහ 61 හැවිරිදි පියාගේ සිරුරු නිවස ආසන්නයේ ඇති කසළ ගොඩක සඟවා තිබියදී අද උදෑසන සොයාගෙන තිබෙනවා.
31 හැවිරිදි සැකකාර පුත්‍රයා ඊයේ රාත්‍රියේ නිවසට පැමිණීමෙන් අනතුරුව ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි අක්මීමන පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.
