Gossips

අක්කර 100 ක් වැනසූ වැල්ලවායේ ගින්න (ඡායාරූප)

වැල්ලවාය නෙත්තමලුව කඳු රක්ෂිතයේ ඊයේ (23) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්නෙන් නෙත්තමලුව රක්ෂිතයේ අක්කර 100 ක් පමණ විනාශ වී ඇතිබවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි යුධ හමුදාවේ සෙබළුන් විසින් අද (24) අලුයම වන විට ගින්න සම්පුර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳ විමර්ශන වැල්ලවාය පොලිසිය සිදු කරනවා.

(ඡායාරූප – ජයන්ත වීරසේකර )