Gossips

අක්කර දහසක කජු වගා කිරීමට පියවර

ත්‍රිවිධ හමුදා, සිවිල් ආරක්ෂක සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර දහසක අලූතින් කජු වගා කිරීමට කජු සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
රට තුළ පවතින කජු හිඟයට විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවයි එම සංස්ථාවේ සභාපති, දම්සිරි බණ්ඩාර කරුණාරත්න ප්‍රකාශ කළේ.
නියඟය සහ පාරිසරික බලපෑම් හේතුවෙන් පසුගිය වසරේදී කජු අස්වැන්න 50% කින් පමණ පහත වැටුණු අතර, ඊට පිළියමක් ලෙස කජු මෙට්රික් ටොන් 6000 ක් ආනයනය කිරීමටයි රජය තීරණය කළේ.
කෙසේ වෙතත්, ඉදිරියේදී කජු ආනයනය කිරීම නතර කිරීම සඳහා පුත්තලම, තිරියාය ප්‍රදේශවලද අක්කර දහසක අලූතින් කජු වගා කර ඇති බව සභාපතිවරයා කියා සිටියා.