අත්අඩංගුවට ගනු ලැබූ අක්කරෙයිපත්තුව නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි, රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අද ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ විමර්ශන කටයුත්තක් සදහා අවස්ථා කිහිපයකදී එම කොට්ඨාශයේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ලබා ගත් වරෙන්තුවක් මතයි.
