Gossips

අංගොඩ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක යතුරුපැදියක් හමුවෙයි

මුල්ලේරියාව – අංගොඩ මං සන්ධියේ දී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන යතුරුපැදියක් වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
එම ප්‍රදේශයේ කැළණි ගඟ අසබඩ – තොටුපළක් අසළ දමා ගොස් තිබියදී ඊයේ රාත්‍රියේ ව්‍යාජ අංක තහඩු සහිත එම යතුරුපැදිය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
එම යතුරුපැදිය වෙඩි තැබීමේ සිද්ධිය සඳහා සම්බන්ධ ද යන්න පිළිබදව පොලීසිය මේ වන විටත් පුළුල් විමර්ශනයක් සිදුකරනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් කැළණිමුල්ලේ පදිංචි වයස අවුරුදු 22ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.