Gossips

අංගොඩ ලොක්කාගේ මත් කුඩු ජාවාරමේ, මහමොළකරුවෙකු කොටු වේ

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මහමොළකරුවෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේදීයි. ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40 යි මිලිග්‍රෑම් 600 ක් ද සොයා ගෙන තිබෙනවා.
මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි දෙදරු පියෙකු වන මොහු වැඩිදුර පරීක්ෂණ සඳහා මිරිහාන විශේෂ විමර්ශන ඒකකය වෙත භාරදී තිබෙනවා.
මේ අතර, ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ්ට අයත් ඉඩම් සහ දේපල වෙනත් පුද්ගලයින්ට පවරා ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වි තිබෙනවා.
එම දේපලවලින් ලැඛෙන ආදායම් ඩුබායි රාජ්‍ය වෙත යවා ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරන බවයි දකුණු පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඊට අමතරව, ලද තොරතුරු මත අද දිනයේත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් කඹූරුපිටිය, හක්මන, මාවරල, දික්වැල්ල සහ ගන්දර යන ප්‍රදේශවල පිහිටි මාකඳුරේ මධූෂ්ගේ හිතවතුන්ගේ නිවාස පරීක්ෂාවට ලක්කරනු ලැබුවා.