Gossips

අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන හර්ෂ චතුරංග පෙරේරා හෙවත් පෙතියාගොඩ සංඛ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
27 හැවිරිදි සැකකරු අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ලෙසයි සැලකෙන්නේ.
බලංගොඩ පින්නවල ප්‍රදේශයේ තේ වත්තක සැඟව සිටියදී ඔහු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.
පසුගිය වසරේ පෙබරවාරි මස 27 වන දා සමයං ඇතුළු පුද්ගලයන් 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවෙකු ලෙස පෙතියාගොඩ සංඛ කටයුතු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.