Gossips

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ එස්.ටී.එෆ්. අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන කඩුවෙල බබී නමැති පුද්ගලයා කඩුවෙල – පිට්ටුගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 600 ක් සහ කේරළ ගංජා කිලෝ 1 ක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.