පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු සහ පාතාල නායක ප්‍රින්ස් කොලම්ගේ ඥාතියෙකු වන ඉසුරු චමින්ද සමරතුංග හෙවත් කඩුවෙල බබී, පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ කඩුවෙල – පිට්ටුගල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සතුව තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 650ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සහ ඒවායේ බර මැනීමට භාවිත කරන තරාදි දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු මත කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේදී සම්පත් රත්නසිටි නමැති තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සහ මැණික් ගල් 4 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
rnrn
