දැනට විදෙස් ගතව සිටින පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් 6 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙස සැළකෙන සමීර පෙරේරා හෙවත් සුරතල් නැමැත්තා කේරළ ගංජා කිලෝවක් සමඟ ඊයේ පස්වරුවේ හිඹුටාන ප්රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
38 හැවිරිදි සැකකරු ඇප මත නිදහස්ව සිටින අයෙකු වන අතර, අංගොඩ ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම අංගොඩ ලොක්කාගේ තවත් ගෝලයෙකු වන වැලි රොහා ඇතුලූ පස් දෙනෙකුද ඊයේ වැල්ලම්පිටිය ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා.
නවගමුව ප්රදේශයේ පදිංචි මොවුන් මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
