පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4 දෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මාර්තු 19 වනදා අතුරුගිරිය ගල්වරුසාව පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ මාර්තු මස 26 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීමේ සිද්ධිවලට අදාළව ඊයේ සවස සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.
සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ අතුරුගිරිය සහ හෝකන්දර ප්‍රදේශවලදීයි.
ඔවුන් සතුව තිබී වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවියක්, එම උණ්ඩ 12 ක්, මැගසිනයක්, යතුරුපැදියක් සහ ත්‍රී රෝද රථයක්, ආරක්ෂක හිස්වැසුම් 2ක්, ජැකට් 2 ක්, මන්නා පිහි 3 ක්, පිහි 3 ක් සහ කේරළ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 150 ක් සහ ගංජා ජාවාරමෙන් උපයාගත් රුපියල් 79800 ක මුදලක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 34, 36 සහ 37 වයස්වල පසුවන අතුරුගිරිය, තල්පේ සහ හෝකන්දර ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
