Gossips

හෙරොයින් කිලෝග්‍රෑම් 600 ක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කොලොම්බියාව සිට ඉතාලිය හරහා ඇල්බේනියාව වෙත ප්‍රවාහනය කළ හෙරෝයින් කිලෝග්‍රෑම් 631 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්බේනියාවේ උතුරු වරාය ප්‍රදේශයේ ඩුරෙස් හිදී අත්අඩංගුවට ගත් මේවා යුරෝපයෙන් අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, එහි වටිනාකම යුරෝ මිලියන 180 ක්.
අත්අඩංගුවට ගත් 25 හැවිරිදි තරුණයින් දෙදෙනා ඇල්බේනියානු ජාතිකයන් වන අතර, සිද්ධියට සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.