Gossips

හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය හෙට යළි රැස්වේ

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම හෙට දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වනවා.
පාර්ලිමේන්තුවේදී සිදුවන මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේදී එයට සහය පළ කරන ආකාරය පිළිබදව දීර්ඝ වශයෙන් අවධානය යොමුකෙරෙන බවයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
නිදහස් පක්ෂ නියෝජිතයන් සමග පසුගිය දින කිහිපය පුරා පැවති සාකච්ඡාවල ප්‍රගතියක් පෙන්නුම් කරන බැවින්, ඉදිරියේදී භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ද එකගත්වය පළ වී ඇති බව සදහන්.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ ප්‍රකාශ කළේ ආණ්ඩුව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරි තත්ත්වයට හෙට වනවිට විසදුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඒකාබද්ධ විපක්ෂය අමාත්‍ය ධුර කිහිපයක් භාර ගැනීමට එකග වන්නේ නම් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ කිසිදු ගැටලූවක් නොමැති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළා.
ප්‍රබල අමාත්‍යාංශ කිහිපයක් ඔවුන්ට ලබාදීම ගැටලූවක් නොවන බව ද නිදහස් පක්ෂයේ මතය වී තිබෙනවා.
මේ අතර මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම වැළැක්වීම ප්‍රධාන අරමුණ විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ මහනුවර – ගැටඹේ – රාජෝපවනාරාමයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.