Gossips

හම්බන්තොට වරාය නිසා, චීනය, බැඳුම්කර විකුණයි

චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින් හෙවත් සී.එම්. පෝට් සමාගම හම්බන්තොට වරාය මිලදී ගෙන සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බැඳුම්කරයක් නිකුත් කර තිබෙනවා.
චීනයේ ව්‍යවහාර මුදලින් රෙන්මින්බි මිලියන 500ක් එනම්, ඇමරිකානු ඩොලර් මිලියන 80ක් පමණ උපයා ගැනීම සඳහා වසර තුනකින් කල් පිරෙන මෙම බැඳුම්කර නිකුත් කර ඇත්තේ සියයට 5.15ක වාර්ෂික පොළියක් යටතේයි.
එය චීන නව සේද මාවතේ සංවර්ධන කටයුතු සඳහා නිකුත් කරන පැන්ඩා බැඳුම්කර ලෙස චීන ෂෙන්සෙන් කොටස් වෙළදපොළ වෙත නිකුත් කර තිබෙනවා.
සී.එම්. පෝට් සමාගම පසුගිය දෙසැම්බරයේදී හම්බන්තොට වරාය වසර 99ක බද්දකට අත්පත් කර ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.12ක මුදලකටයි.