Sports

හතුරුගේ පරණ ගෝලයෝ ඉදිරියේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

හතුරුගේ පරණ ගෝලයෝ ඉදිරියේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
හතුරුගේ පරණ ගෝලයෝ ඉදිරියේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තරගයෙන් බංග්ලාදේශය ඉදිරියේ ශ්‍රී ලංකාවට ලකුණු 163ක අන්ත පරාජයක් හිමිවිය.

සිම්බාබ්වේ, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මෙම තරගය පැවැත්වුණේ ඩකා ක්‍රීඩාංගණයේදී ය.

කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අනමුල් හක් ලකුණු 35 ක් රැස් කළේය.

ටමිම් ඉක්බාල් 40 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහු දැවී යනවිට රැස්කර තිබූ ලකුණු සංඛ්‍යාව 84 කි.

ශකීබ් අල් හසන් 36 වැනි අර්ධ ශතකය වාර්තා කළේය.

ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 67කි.

මොහොමඩ් මහමුදුල්ලා ලකුණු 24 ක් ලබා ගත්තේය.

මුෂ්ෆිකර් රහීම් 28 වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර ඔහු ලකුණු 62 කට දැවී ගියේය.

පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී බංග්ලාදේශ කණ්ඩායම රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 320කි.

තිසර පෙරේරා ලකුණු 60 ට කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 321 ක ඉලක්කය පසු කිරීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවී ගියේය.

ඔහුට රැස් කරගත හැකි වූයේ එක් ලකුණක් පමණි.

ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණූ 25 ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 16 ක් රැස් කළේය.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් සහ අසේල ගුණරත්න ලකුණු 16 ක් රැස් කළ අතර වනිදු හසරංග ලකුණු නොලබා දැවී ගියේය.

තිසර පෙරේරා ලකුණු 29 යි.

සුරංග ලක්මාල් එක් ලකුණයි.

අකිල ධනංජය ලකුණු 14 යි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 2 ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 157 කි.

බංග්ලාදේශ කණ්ඩායම එක්දින ක්‍රිකට් තරගයක් ජය ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය ක්‍රිකට් ඉතිහාසයවට එක් වේ.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන පුහුණකරු චන්දික හතුරුසිංහ මහතා විසින් මීට පෙර සිය පුහුණුකරු ධුරය දැරු රට වීම ද විශේෂත්වයකි.