Gossips

සුරංගට දිවි අහිමි කළ මාරක රිය අනතුර (ඡායාරුප)

දෙනියාය පල්ලේගම ප්‍රදේශයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා.
අවාසනාවන්ත අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ දෙනියාය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ඒ පී සුරංග නමැති තරුණයෙකුයි.
පල්ලේගම සිට දෙනියාය දෙසට ධාවනය වූ යතුරු පැදිය දෙනියාය සිට පල්ලේගම දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙනුන් මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුර සිදුව ඇත්තේ පල්ලේගම කනිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිටදීයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මෙම තරුණයා රෝහලට රැගෙනයාමට කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් දෙනියාය රෝහලට ඇතුලත් කළ බරපතළ තත්වයේ පසුවූ තරුණයා පසුව මියගොස් ඇතිබවයි වාර්තා වන්නේ.
යතුරුපැදිය ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි සැකපලකරන්නේ.
අනතුර සම්බන්ධයෙන් අදාළ ටිපර් රථය පොලිස් බාරයට ගෙන රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙනියාය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

(ඡායාරුප – අකුරැස්ස අජිත් ලංකාතිලක)