Gossips

සුපිරි වැඩකරුවන් එකට එක්වූ සීතලේ ගහපු සුපිරි ක්‍රිකට් තරඟය

ලොව සීත ඍතු ක්‍රීඩා සංස්කෘතියේ තිඹිරි ගෙය ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස් ප්‍රදේශය ඊයේ සුවිශේෂී ක්‍රීඩා ඉසව්වකට සත්කාරකත්වය ලබා දුන්නා.
ඒ ලොව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වූ පන්දුවාර 20 අයිස් ක්‍රිකට් තරගයක් පවත්වමින්.
සෙල්සියස් අංශක ඍණ 7 ක උෂ්ණත්වයක් යටතේ අයිස් මිදුණු සාන්ත මොරිට්ස් විල මත අතුරන ලද කෘත්‍රිම තණතීරුවක මෙම තරගය පැවැත්වුනා.
ඕස්ට්‍රේලියානු, ඉන්දීය සහ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඩයමන්ඩ්ස් කණ්ඩායමට මහේල ජයවර්ධන, ටී.එම්. ඩිල්ශාන් සහ ලසිත් මාලිංග ඇතුලත් වුනා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඩයමන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 164 ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15 යි පන්දු 2 ක් තුළ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 166 ක් ලබාගෙන තරගය ජයගත්තා.
rn