Gossips

සාදයක් අතරතුර ඇතිවූ ගැටුමකින් අයෙක් මරුට

ගාල්ල මකුළුව ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (01) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇතිබවයි පොලිසිය පැවසුවේ.
මියගිය පුද්ගලයා 38 හැවිරිදි ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුගේ සිරුර ගාල්ල කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය අද (02) සිදුකිරිමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.