Gossips

සන්ධාන මහ ලේකම්ගෙන් හෙළිදරව්වක්

පළාත්පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ සන්ධාන ගතවන්නේද, නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පක්ෂය තුළ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.