Sports

ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී අවසන් තරගයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී අවසන් තරගයට සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී අවසන් තරගයට සුදුසුකම් ලබයි

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක ජයක් අත්කර ගැනීමට අද සමත් විය.

ඩකාහි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 23යි පන්දු 5කදී සියලු කඩුලු දැවී රැස් කර ගැනීමට සමත් වූයේ, ලකුණු 82ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ කිසිදු පිතිකරුවෙකුට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.

බංග්ලාදේශය වෙනුවෙන් වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ මුෂ්ෆිකු රහීම් ය.

ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 26කි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 3ක් දවා ගත් අතර දුෂ්මන්ත චමීර, තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ලකුණු 83 ජයග්‍රාහී ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 5කදී කිසිදු කඩුල්ලක් නොදැවී තරගයේ ජය වාර්තා කළේ ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 35ක් සහ උපුල් තරංග ලකුණු 39ක් රැස් කළහ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලබන 27 වන දා ක්‍රීඩා කරනු ඇති.