Politics Sri Lanka

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (05) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව බව වාර්තා වේ.

එහිදී මහ බැංකු බැඳුම්කර සහ බරපතළ වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

ලබන 06 වැනිදා අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඒ සඳහා ඉදිරි දින යොදා ගන්නේද යන්න පිළිබඳ මෙම පක්ෂ නායක රැස්වීමේ දී අවධානය යොමුකරනු ඇත.

එමෙන්ම විවාදයේ දී පක්ෂවලට ලබාදෙන කාලය සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේ දී අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.