යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ කැබිනට් සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මෙම කැබිනට් රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් ජනාධිපතිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
